ඉගැනුම, ඉපැයුම සහ වැඩීම
සදහා අනාගත පරම්පරාව බලසතු කිරීම
ගවේෂණය කිරීමට අනුචලනය කරන්න
සියලුම ක්‍රියාකාරකම් සඳහා නොමිලේ ප්‍රවේශය
සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි වලින්
අවුරුදු 13 සිට 18 දක්වා ගැහැණු ළමයින් සඳහා
සර්ව් වනාහි 1999 දී ස්ථාපිත කරන ලද, ළමුන් සහ ඔවුන්ගේ පවුල් සමග කටයුතු කරන ශ්‍රී ලාංකික ලාභ නොලබන සංවිධානයකි. ළමා අයිතිවාසිකම් වල තත්ත්වය තක්සේරු කිරීම පිණිස ළමුන්, පවුල් සහ ප්‍රජාවන්ගේ විශ්ලේෂණාත්මක හැකියාවන් වර්ධනය කිරීමට සර්ව් සහාය වේ. අපගේ හවුල්කරුවන් ගේ, අපගේ සමාජ සේවකයන්ගේ, පුහුණුකරුවන්ගේ සහ ක්ෂේත්‍ර සේවකයන් ගේ සහභාග්ත්වයෙන් සහ සහයෝගයෙන් දරුවන් හා කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා මුලපිරීම සහ සහයෝගය දැක්වීමත්, සිය සමාජ ආර්ථික අරමුණු ඉටුකර ගැනීම සඳහා අපි උපකාර කරන්නෙමු.
මොඩියුල 01
පාට කිරිම, කතන්දර කීම, චිත්‍ර ඇඳීම, ප්‍රහේලිකා විසඳීම සහ විනෝදාත්මක දැනුම පරික්ෂා කර බැලීමේ ප්‍රශ්න මගින්ගෝ ල් මාතෘකා ගැන ඉගෙනීමට උදව් වන විවිධ ක්‍රියාකාරකම් රාශියක් මෙම කොටසට ඇතුලත් වේ.
මොඩියුල 02
විනෝද ජනක යෝග ආසන, ඔබගේ මාංශපේශි ඇදීම වැනි ඔබගේ ගෙදරදී ක්‍රියාශීලීව ගත කිරීමට උපකාරී වන ක්‍රම මෙම කොටසේ ඇතුළත් වේ. එමෙන්ම මෙම ක්‍රියාකාරකම් ඔබගේ සිරුරේ ශක්තිය වැඩි කරගැනීමට ද උදව් වේ. භාවනා අභ්‍යාස සහ සිත නිසල කරන හුස්ම ගැනීමේ ක්‍රම මගින් සිත සන්සුන් කරගන්නා ආකාරය කියා දේ.
මොඩියුල 03
ගෝල් වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන සිය`ඵම රටවල ප්‍රසිද්ධ මලල ක්‍රීඩිකාවන් මෙම කොටසෙහි දී ඔබට හඳුන්වා දෙනු ලැබේ. ඔබ මේ ක්‍රීඩිකාවන් ගැන කියවා ඔවුන්ත මන්ගේ ක්‍රීඩාවේ යෙදෙන ආකාරය පිළිබඳ චිත්‍රයක් පාට කිරීමට ඔබට අවස්ථාව ලැබේ
පාඨමාලාව සදහා ලියාපදිංචි වීමේ සිට අවසානය තෙක් ඉතාමත් පහසු ක්‍රමවේදයක් භාවිත වේ.
පාඨමාලාව සමඟ ලියාපදිංචි වීම පහසුය. ඔබේ මූලික තොරතුරු පුරවන්න, එවිට ඔබට තහවුරු කිරීමේ විද්‍යුත් තැපෑලක් ලැබෙනු ඇත. ඔබ යන්න සූදානම්! ඔබ අපේ පාඨමාලාවට ඇතුළත් වීමට පෙර ඔබේ දැනුම මැනීම සඳහා සරල පූර්ව පරීක්‍ෂණයක් ඔබට දෙනු ඇත. කලබල නොවන්න ! මෙය ඔබගේ වර්තමාන දැනුම පරික්ෂා කර බැලීම සඳහා පමණි.
දැන් ඔබට මොඩියුල සහ ක්‍රියාකාරකම් වල නිරත වී සම්පූර්ණ කළ හැකිය. ඔබට ඔබේ ප්‍රියතම මාතෘකා අතර පහසුවෙන් මාරු විය හැකිය. ඔබේ ප්‍රගතිය ඔබටම පරික්ෂා කරගත හැකි වේ. මොඩියුල සහ එහි ක්‍රියාකාරකම් සාර්ථකව නිම කිරීමෙන් පසු පියවර 2 හි දක්වා ඇති ප්‍රශ්නාවලියම ඔබට ලබා දෙනු ඇත. ඔබ මෙතෙක් ඔබේ දැනුම වැඩි දියුණු කර ගත් ආකාරය ගැන මේ හරහා ඔබට මෙනෙහි කළ හැකිය.
ඔව් ! ඔබ එය කළා. අපි ඔබේ සම්පුර්ණ කරන ලද ක්‍රියාකාරකම් සමාලෝචනය කරන අතර ඉන්පසු ඔබේ සහතිකය ඔබට ලැබෙනු ඇත.
ශාරීරික අධ්‍යාපනය තුළින් ශාරීරික සංවර්ධනයත්, මානසික සංවර්ධනයත්, සදාචාරාත්මක සංවර්ධනයත්, ළමාවිය සංවර්ධනයත් හා චිත්තවේගී සංවර්ධනයත් ඇති කරගත හැකි බව මුලින්ම ලොවට ප්‍රකාශ කරන ලද්දේ ග්‍රීක අධ්‍යාපනඥයෙක් වන ප්ලේටෝ විසිනි
එවැනි දාර්ශනිකවාදියකු විසින් ලොවට ප්‍රකාශ කිරීමට හේතු වන්නට ඇත්තේ එදා ඔහු ජීවත් වූ සමාජයේ දක්නට ලැබුණු විවිධ දුෂණ, වංචා, අකටයුතුකම් ඔස්සේ ඔහුගේ මනස දිව යන්නට ඇතැයි මම සිතමි. ඒ අනුව එයට විකල්පයක් වශයෙන් උසස් දැනුමැති සමාජයක් බිහි කිරීමට අධ්‍යාපනය පමණක් නොව ක්‍රීඩාව ද මහෝපකාරී වන බව ඔහු එදා... වැඩිදුර කියවන්න
ඉගැනුම, ඉපැයුම සහ වැඩීම
සදහා අනාගත පරම්පරාව බලසතු කිරීම
තමන් වෙසෙන ප්‍රජාවන්හී නායිකාවක් වීම පිණිස අවශ්‍ය ධාරිතාව ලබාගැනීම සදහා ගෝල් වැඩසටහන මගින් ක්‍රීඩා සහ ජීවන කුසලතා පුහුණුව පාදක කරගනු ලැබේ. ගෝල් වැඩසටහන යනු ඉදිරි පරම්පරාවට ඉගෙනීම, ඉපැයීම,සහ වර්ධනය වීමට අවශ්‍ය බලසතු කිරීම ඉලක්ක කරගත් ගෝලීය මුල පිරීමක් වන ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ " ෆියුචර්මේකර්ස් " වැඩසටහනේ කොටසකි.