අපි ගැන

සර්ව් ආයතනයේ ළමුන් වෙබ් අඩවිය හැඳින්වීම

සර්ව් වනාහි 1999 දී ස්ථාපිත කරන ලද, ළමුන් සහ ඔවුන්ගේ පවුල් සමග කටයුතු කරන ශ්‍රී ලාංකික ලාභ නොලබන සංවිධානයකි.  ළමා අයිතිවාසිකම් වල තත්ත්වය තක්සේරු කිරීම පිණිස ළමුන්, පවුල් සහ ප්‍රජාවන්ගේ විශ්ලේෂණාත්මක හැකියාවන් වර්ධනය කිරීමට සර්ව් සහාය වේ. අපගේ හවුල්කරුවන් ගේ, අපගේ සමාජ සේවකයන්ගේ, පුහුණුකරුවන්ගේ සහ ක්ෂේත්‍ර  සේවකයන් ගේ සහභාග්ත්වයෙන් සහ සහයෝගයෙන් දරුවන් හා කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා මුලපිරීම සහ සහයෝගය දැක්වීමත්, සිය සමාජ ආර්ථික අරමුණු ඉටුකර ගැනීම සඳහා අපි උපකාර කරන්නෙමු.

අභියෝගකාරී සමාජ ආර්ථික පරිසරයක තුල, ශ්‍රී ලාංකික ග්‍රාමීය සහ නාගරික ප්‍රජාවන්හි වෙසෙන සියලුම ආගමික සහ ජනවාර්ගික පිරිස් වලට අයත් ළමුන් සහ  පවුල් සවිබල ගැන්වීම  සිදු වේ.

සිංහල බසින්  ළමුන් යන්නෙහි අදහස පැහැදිලි ය. ළමුන් යන බහුවචන පදයෙන් ගැහැණු සහ පිරිමි ළමුන් යන දෙපාර්ශ්වයම පොදුවේ අදහස් කෙරේ. ලාභ නොලබන සහ නොසොයන සංවිධානයක් ලෙස සර්ව් ආයතනයෙහි හවුල්කරුවන් වන්නේ ප්‍රතිලාභී ළමුන් වන අතර ඔවුන්ගේ සක්‍රිය සහභාගිත්වය අපේක්ෂා කරනවා මෙන්ම අගය කිරීමෙහි ද යෙදේ. යුනිසෙෆ් වැඩසටහනක දී ළමුන් සහ ඔවුන්ගේ අයිතිවාසිකම්  පිළිබඳ දැනුම හුවමාරු කරගැනීම පිණිස සර්ව් නියෝජනය කරමින් පෙරට පැමිණි ළමුන් පිරිසක් හේතුවෙන් මෙම අඩවිය මුලින්ම පටන් ගැනින. කාලයත් සමග මෙම අඩවිය වැඩිදියුණු කර ළමුන්, දෙමාපියන්, උපස්ථානකරන්නන් සහ ප්‍රජා නායකයන් ගේ ප්‍රයෝජනය උදෙසා පු`ථල් පරාසයක මාතෘකා යටතේ තොරතුරු ආවරණය කරනු ඇතග 

මෙම වෙබ් අඩවිය භාවිතාවට ගන්නා  ළමුන්ගේ අධ්‍යාපන කටයුතු ප්‍රධාන අරමුණ කරගෙන 2021 වසරේ දී එය නැවත පිළිසකර කෙරෙම්න් පවතී. එහි පළමු පියවර වන්නේ ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුව විසින් දියත්කර ඇති අනාගතය සකසන්නන් (ත්‍මඑමරුප්නැරි) වැඩසටහනේ සහභාගිත්වය ඇතිව  උදපැබ උසබ ආයතනය විසින් ගොඩනගා ඇති ගෙදර දී ගෝල් ක්‍රියාකාරකම් පොත (GOAL@Home Activity Book) භාවිතා කරන ගැහැණු ළමුන්ට අධ්‍යාපනය ලබා දීම යි. 

ගැහැණු දරුවන් හා තරුණ ගැහැණු ළමුන් සිය නිවෙස් වලදී ම එහි ප්‍රධාන ගෝල් මාතෘකා යටතේ අධ්‍යාපනය ලබමින් සක්‍රියව සිටීම ගෙදර දී ගෝල් ක්‍රියාකාරකම් පොත මගින් ප්‍රවර්ධනය කෙරේ. ගෙදර දී ගෝල් ක්‍රියාකාරකම් පොත නිර්භිතවන්න, ක්‍රියාශීලීවන්න සහ නිර්මාණශීලීවන්න වශයෙන් කොටස් තුනකට බෙදා ඇත. 

මෙම මාර්ගගත ක්‍රියාකාරකම් පොත ශ්‍රී ලංකාවේ මෙන්ම අනෙක් රටවල ළමුන්ට ද ආශීර්වාදයන් වනු ඇත.

දරුවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් මෙම පහසුකම භාවිතා කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටින අතර, මෙම සමිපත් වලින් ප්‍රයෝජන ලබාගත හැකි වෙනත් පාර්ශ්වයන් අතර ද මෙය ප්‍රවර්ධනය කරන ලෙස උදක්ම ඉල්ලා සිටිමු. 

සංජීව ද මෙල්
විධායක අධ්‍යක්ෂ – සර්ව්
2021 ඔක්තෝබර් 01 වන දින